text
stringlengths
1
589k
ගොඩාක් මහන්සිවෙලා කැපවීමෙන් කෙනෙක් දෙයක් කළාම ඒකට ඇගයීමක් ලැබෙද්දී ලොකු සතුටක් හිතට දැනෙනවානේ. රංගන ක්ෂේත්‍රයේ ඉන්න අපි හැමෝටමත් සම්මානයක් ලැබෙද්දී දැනෙන්නේ ඒ වගේ සතුටක්. තව තවත් හොඳ නිර්මාණවලට සහභාගී වෙලා උපරිම කැපකිරීමෙන් රංගන කටයුතුවල නිරත වෙන්න සම්මානයකින් ලොකු උත්තේජනයක් ලැබෙනවා. ඒ නිසා කලාකරුවෙක් සම්මානයක් සඳහා න...
සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යය වගේම ගිම්හානිගේ චරිතයත් ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය වුණා. බොහෝ දෙනෙක් ඒ ටෙලිනාට්‍යයේ ගිම්හානිගේ චරිතයට පණ පෙවූ දිනිති වල්ගමගේගේ රංගන කෞශල්‍යයන් අගය කළා. ඇත්තටම දිනිති ඒ ටෙලිනාට්‍යයේ ගිම්හානිගේ චරිතයට උපරිම සාධාරණයක් කළ බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණාවක්. ඒ නිසාම ටෙලිනාට්‍ය විකාශය අව...
‘‘සුසුම් රස්තියාදුවේ ගිම්හානි වගේ චරිතයක් මට ලැබුණේ මගේ පෙර පිනකට කියලයි මම විශ්වාස කරන්නේ. මේ ටෙලිනාට්‍යය වෙනුවෙන් මුළු කණ්ඩායම ගොඩක් මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල අද ඇස් පනාපිටම පේන්න තියෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර බොහොමයක් ලැබෙනවා. අපි හැමෝම එක පවුලක් වගේ හිටියේ. ටෙලිනාට්‍ය රූගත කරන කාලය හරි...
අද දිනිතිගේ කැපවීමට ලැබිය යුතු හොඳම වටිනාකම ලැබිලා තියෙනවා. රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටම ටෙලිනාට්‍ය නිළිය සඳහා නිර්දේශිත ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියන් තිදෙනාගේ නම් අතර දිනිතිගේ නමත් තිබුණේ ඇයගේ දක්ෂතාවය නිසාම තමයි. දිනිති ඒ නිර්දේශ වීම ගැන පවා කතා කළේ ලොකු සතුටකින්.
කොහොම වුණත් සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යයෙන් පසුව කාලයක් යනතුරු දිනිති පුංචි තිරයෙන් නැවතත් ප්‍රේක්ෂකයන්ට මුණ ගැහුණේ නැහැ. ඒ නිහැඬියාව මොකක්ද කියලත් අපි ඇයගෙන් ඇහුවා.
‘‘අවුරුද්දක් වගේ කාලයක් අපි ලංකාව හිටියේ නැහැ. පුද්ගලික වැඩ කටයුතු කිහිපයක් සඳහා අපි මෙල්බර්න් ගිහින් හිටියේ. ඒ නිසා තමයි කලා කටයුතුවලට සම්බන්ධ නොවුණේ. හැබැයි අපි දිගටම සමාජ මාධ්‍ය හරහා අපේ අලුත් විස්තර ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න අමතක කළෙත් නැහැ. ඒ වැඩ ටික ඉවර කරගෙන ආයෙත් ලංකාවට ඇවිත් කලා කටයුතු පටන් ගත්තා. මේ දිනවල හි...
‘‘සංගීත් මට අදටත් හොඳම යාළුවෙක් වගේ. අපේ මුලින්ම මුණ ගැහුනෙත් ආශ්‍රය කළෙත් හොඳම යාළුවෝ විදිහටනේ. අදටත් ඒ බැඳීම වෙනස් වෙලා නෑ. හැමදේටම වඩා මට වටින්නේ ඒ බැඳීමයි. බිරිඳක් වුණා කියලා ඒ ගැන ලොකු බරක් ලංකාවේ ඉද්දි මට දැනුනේ නෑ. මොකද හැමදාම වගේ අම්මා තමයි හැමදේම කළේ. ඒත් ඔසී ගියාට පස්සේ තත්ත්වය වෙනස් වුණා. අම්මි කරපු හැමදේම ම...
විදේශ ගත වූ පසුව දිනිති ගුරුවරියක් හැටියට මාස කිහිපයක් රැකියාව කළා කියලත් අපිට දැනගන්න ලැබුණා. ඒත් දැන් නම් දිනිතිට අට පහ රැකියාවක් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ වගේ කියලා තමයි ඇගේ කතාවෙන් අපිට තේරුණේ. දිනිති කියන විදිහට ඇය වැඩිපුරම කැමැති නිදහසේ කාලය ගත කරන්නලු. ඒත් මීට ටික කාලයකට කලින් ඇය ගුවන් සේවිකාවක් ලෙස රැකියා...
‘‘අපි හැමෝම නතරවෙන්නේ සතුට තියෙන තැන්වලනේ. විවාහයට කලින් මගේ සතුට තිබුණේ මම කරන රැකියාව තුළ. මම මගේ රැකියාවට ගොඩාක් ආදරය කළා. ඒත් පසුකාලීනව මට ඊටත් වඩා සතුට සැනසීම ගෙනෙන කෙනෙක් මුණගැහුනා. ඒ වෙන කවුරුවත් නෙමෙයි මගේ මහත්තයා. ඔහුගෙන් මට ලැබෙන ආදරය, සැනසීම, සතුට වචනවලින් කියන්න බැරි තරම්. ඒ නිසා මම ගොඩක් සතුටින් ආදරයෙන් බැ...
දිනිති සංගීත් ගැන කතා කළේ පුදුමාකාර ආදරයකින් සහ විශ්වාසයකින්. මේ දිනවල සංගීත් නැවැතත් රංගන කටයුතුවල නිරත වෙනවා. පුංචි තිරයෙන් ඔහුව අපට නිතර මුණ ගැහෙනවා. ඒ ගැනත් දිනිති කතා කළේ ලොකු සතුටකින්. ‘‘රඟපාන එක එයා ආසාවෙන්ම කරන දෙයක්. ඒක එයාගේ ජීවිතයේ පැෂන් එක කියලයි මට හිතෙන්නේ. ඒ නිසා එයා රඟපානවාට මම කැමැතියි. ඇත්තටම මම රඟපාන...
විවාහයත් සමග දිනිති ටිකෙන් ටික රංගන කටයුතුවලින් ඈත් වෙලාද කියලත් සමහර ප්‍රේක්ෂකයන් අහනවා. ඒත් කලා කටයුතුවලට සමුදෙන්න නම් ඇයගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ප්‍රේක්ෂකයන් අතරට යන හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යෙන්ම ඒකට සම්බන්ධ වෙනවා කියලා දිනිති අපිට කිව්වා.
ඒත් එක දිගට කාර්යබහුල වෙන්න නම් ඇය ටිකක් වත් කැමැති නැහැ වගේ කතාවක් තමයි අපිට තේරුණේ. මොකද ඇය හරිම සතුටින් විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගත කරන්න කැමැති කෙනෙක්. ඒ කොහොම වුණත් ලැබිලා තියෙන ආරාධනා ගැන සලකා බලනවා කියලත් ඇය මතක් කළා. උසස් අධ්‍යාපන කටයුතු සඳහා නැවතත් විදේශගත වීමේ බලාපොරොත්තුවකුත් දිනිතිට තියෙනවා. ඒ වුණත් පුළු...
ඔහු ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් කවුරුත් ආදරය කරන තරුවක්..
ධනංජය ද සිල්වා.. ක්‍රිකට් ක්‍රීඩාවටත් වඩා ඔහුගේ පුංචි පවුල ගැන තොරතුරු දැනගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා..
ධනංජයගේ පවුලට එකතුවුණු අලුත්ම සාමාජිකාව තමයි Ayaana කියන්නේ..
ඔන්න ඇගේ පළමු උපන්දිනය වෙනුවෙන් අම්මා තාත්තා අක්කා එක්ක එකතු වෙලා Ayaana කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ෂූ‍ට් එක කරලා තිබුනා.
මිෂෙල් දිල්හාරා කියන්නේ ලංකාවේ කලාවට දායාද වුණු දක්ෂ තාරකාවියක්. රයිගම් සම්මාන උළෙලේ ජනගත නිළිය විධියට සම්මානිත වුණු ඇය ගැන මෙරට මාධ්‍යවල පළ වෙද්දී ඒ හා සමගාමීව ඉන්දියානු පුවත්පත්වලත් ඇය ගැන සඳහන් වුණා. ඒ ඇය දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි තරු කිහිපයක් එක්ක දැවැන්ත ඉන්දියානු සිනමාපටයකට රංගනයෙන් දායක වන නිසා. කලාතුරකින් ...
ඔබට දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි තරු කිහිපයක් සමඟම චිත්‍රපටයකට අවස්ථාව ලැබිලා තියෙනවා, මුලින්ම ඒ ගැන කතා කළොත්?
මේක මට ලැබුණු පළමුවැනි දකුණු ඉන්දියානු චිත්‍රපටය. එහි මා සමඟ සමුත්‍රකානී, යෝගි බාබු, රම්‍යා නම්බීසන් ඇතුළු පිරිස රංගනයෙන් දායක වනවා. ඒ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ “බයිලා” නමින්. මේක ඇත්තටම මට ලැබුණු විශාල අවස්ථාවක්. මේ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කේ වීර් කුමාර් සිදු කරන්නේ. නිෂ්පාදනය ආර්. කන්නන්ගේ. මේ චිත්‍රපටයට...
මේ වගේ ලෝකයක් හඳුනන දැවැන්ත තරු සමඟ නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
අදිරන් චිත්‍රපටයට පස්සේ මේ චිත්‍රපටයේ නිෂ්පාදක ආර් කන්නන් මහත්මයා මට කතාකරලා එයාලගේ අලුත්ම චිත්‍රපටයට මාව සම්බන්ධ කරන්න කැමැතියි කියලා කිව්වා. කොහොමහරි ඊට පස්සේ ඔවුන් ලංකාවට ඇවිත් ඒ ගැන සාකච්ඡා කළා. මේ සාකච්ඡා වට සතියක් පුරා වගේ පැවැතුණා. එතැනින් පස්සේ තමයි මේ චිත්‍රපටයේ මගේ චරිතය සහ කතාව ලස්සන නිසා මම ඒකට එකතු වෙන්න ක...
කෙනෙක්ට ලේසියෙන් නොලැබෙන අවස්ථාවක් ඔබට ලැබිලා තියෙන්නේ. ඒ ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
ඒක ඇත්තටම මට ලැබුණු ලොකුම අවස්ථාවක්. මට හරිම සතුටුයි ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීම ගැන. ඉන්දියන් ප්‍රඩක්ෂන් එක කියන්නේ වෙනමම අත්දැකීමක්. විශේෂයෙන්ම එහි නිෂ්පාදක ආර්. කන්නන් සර් තමයි මට මේ වැඩේට ගොඩක්ම කතා කළේ.
දකුණු ඉන්දියානු සිනමාව අද බොලිවුඩය තරමටම ලෝකයට නිරාවරණය වී අවසන්. ඒ වගේ දැවැන්ත කර්මාන්තයකට දායක වීම ගොඩක් අයගේ හීනයක්?
මට ගොඩක් සතුටුයි. මට ලැබුණු ලොකුම අවස්ථාව. ඉන්දියානු නිර්මාණවල සම්පූර්ණ ප්‍රඩක්ෂන් එකම හරිම වෙනස්. එයාලගේ කොස්ටියුම්, මේකප්, කැමරාකරණය, ෂූටිං මේ හැමදේම හරිම වෙනස්. ඉතිං එහෙම අවස්ථාවක් ලැබීම ලොකු සතුටක්. ඒ වගේම ඉදිරියේදී අවස්ථා ලැබුණොත් ලංකාවේ සිනමා නිර්මාණ සහ දකුණු ඉන්දියානු සිනමා නිර්මාණ සමබරව කරගෙන යන්න බලාපොරොත්තු ව...
අදිරන් ටීසරයටත් විශාල වශයෙන් ප්‍රතිචාර හිමි වෙනවා නේද?
අදිරන් කියන්නේ මගේ පළමු දමිළ චිත්‍රපටය. ඒක අධ්‍යක්ෂණය කළේ දිනේශ් කනගරාජ් සර්, නිෂ්පාදනය ඒඩ්‍රියන් ප්‍රඩක්ෂන්. එහි මාත් එක්ක ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කළේ සුදර්ශන් රවින්ද්‍රන්. එහි ට්‍රේලර් එක නිකුත් වුණා. ඒ් චිත්‍රපටයත් මට වෙනස්ම අත්දැකීමක් වුණා. මොකද මම පළමු වතාවට තමයි දමිළ භාෂාවෙන් නිර්මාණයකට දායක වුණේ. ඉතින් සති ...
වසරේ ජනගත නිළිය ඔබ. ප්‍රේක්ෂකයන්ගේ මේ ආදරය ගැන මොකද හිතන්නේ?
රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ ජනගතම නිළියට හිමි සම්මානය තමයි මට හිමි වුණේ. ඇත්තටම ප්‍රේක්ෂකයන්ට තමයි ඒ සම්මානය අයිති. ඔවුන් නිසා තමයි රංගන ශිල්පීන් හා චරිත පවතින්නේ. ඒ වගේම මම විශේෂයෙන්ම ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මිලා චරිතය කියන්නේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කරපු චරිතය...
ඒත් එක්කම ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?
මේ දවස්වල අදිරන් චිත්‍රපටයේ රිලීස් එකට සූදානම් වෙනවා. ඒ වගේම බොහෝ දුරට අවුරුද්දෙන් පස්සේ දකුණු ඉන්දියානු සිනමා පටයේ රූගත කිරීම් පටන් ගන්නවා. ඊට අමතරව රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම එන්න තියෙනවා. ඒ දේවල් එක්කම මගේ දෙවැනි පොතේ වැඩකටයුතු සහ විශ්වවිද්‍යාල සමඟ සිදු කරනගෙන යන ව්‍යාපෘතිවල වැඩකටයුතු සිදු කරගෙන යනවා.
අවසන් වශයෙන් මෙතෙක් ආපු දුර ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම හැමවෙලාවෙම අලුත් චරිතයක් ලැබුණම මම නිතරම උත්සහ කරනවා ඒ වන තුරු කරපු චරිතවල ගුණාංගවලට වඩා වෙනස් අලුත් ගුණාංග එකතු කරලා වෙනමම චරිතයක් ගොඩනඟා ගන්න. ඉතින් මේ තාක් කාලයක් ආවා වගේම ඉදිරියටත් මට මේ ක්ෂේත්‍රයේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මොකද මේක දිනපතා අප්ඩේට් වෙන ක්ෂේත්‍රයක්. ඉතින් අලුත් දේවල්...
මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවත් ඉගෙනගෙන ලංකාවේ වගේම ජාත්‍යන්තරවත් පිළිගත්ත හොඳ රංගන ශිල්පිනියක් වීම තමයි බලාපොරොත්තුව. ඒ පාර හරිම දුරයි. ඒ අරමුණට යන්න ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න ඕනෑ. ඉතින් ඒ දෙවල් එක්කම හිමීට ගමන යන්න බලාපොරොත්තු වෙනවා.
අක්ෂි මාපා වීරසිංහ
පසුගිය දවස්වල ආදරණීය ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ දැක්කා මේ ගැන කතා කරලම අපි කතාබහ
පටන් ගනිමු නේද?
මේක අපේ පළමුවෙනි කපල් ෂුට් එක. විවාහයට පෙර කරපු එකක් මේක. මට ඡායාරූප ටික ලැබුණේ ටිකක්
පරක්කුවෙලා. එ් නිසා දැන් තමයි මේ ඡායාරූප ටික ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මම දැක්කා මේ
ගැන වැරදි අදහසක් ප‍්‍රචාරය වෙනවා. මම සහ සැමියා ෂොපිං ගිහිං කියලා. එය වැරදියි. මේක
වෙඩින් එකට කලින් කරපු ෆොටෝ ෂුට් එකක්.
අලූත් ජිවිතේ කොහොමද ගෙවෙන්නේ?
සතුටින් ගෙවාගෙන යනවා. වෙනසක් තියෙනවා දැන් ගෙවන මේ ජීවිතයේ. ඉස්සර මම හිටියේ තනියම.
දැන් මම ඉන්නේ සැමියත් එක්ක. විවාහයට පසුව දැන් මට ගෙදරෙදාර වැඩ ගැන බරපතළ විදිහට
හිතන්න වෙලා. අනික දැන් මම මා ගැන විතරක් නෙමේ සැමියා ගැන, ඔහුගේ වැඩ කටයුතු ගැන
හොයලා බලලා කරන්න ඕන. ඇත්තටම අනික් හැමෝටම වඩා ජීවිතේ මම දැන් ප‍්‍රමුඛතාව දෙන්න ඕන
එයාගෙ වැඩවලට. හිරු මෙගා ස්ටාර් නිසා කාර්යබහුල වෙලා ඉන්නේ. කොහොම වුණත් සියල්ල සමබරව
කරගෙන යනවා.
නදිශා කියන රංගන ශිල්පිනිය ඇයි දැන් නිර්මාණවල දකින්නට ලැබෙනවා අඩු?
මම මේ දවස්වල හිරු මෙගාස්ටාර් සමග තමයි කාලය ගෙවන්නේ. දිනපතාම පුහුණුවීම්වල යෙදෙනවා.
සාමාන්‍යයෙන් මම දෙයක් කරනවිට එයට කැපවෙලා උපරිමයෙන් මහන්සි වෙලා කරනවා. මේ නිසා මම
වැඩ දෙක තුනක් එකවර කරන්න යන්නේ නෑ. එහෙම වුණාම එක දෙයක් හරි හරියට කරන්න බැරි වෙනවා.
මේ දවස්වල ටෙලි නාට්‍යයක් හරි චිත‍්‍රපටයක් හරි භාර ගත්තොත් මට හිරු මෙගා ස්ටාර් සඳහා වෙන්
කිරීමට කාලය අඩු වනවා. එවැනි දෙයක් භාර අරගෙන මෙගා ස්ටාර් සඳහා වැඩි අවධානයක් යොමු
කළොත් මම භාරගත් නිර්මාණයට අසාධාරණයක් වෙනවා. කරන දේ හරියට කරන්න ඕන නිසා මම එක
දෙයයි එක වරකට කරන්නේ.
මේ මාර්තු මාසයෙන් පසුව වෙන වැඩ ගැන අවධානය යොමු කරනවා. ඉදිරියේදී චිත‍්‍රපටයක් සඳහාත්
ආරාධනා ලැබිලා තියෙනවා.
නව පරපුර ඔබට අභියෝගයක් වෙලාද?
නෑ කිසිදු අයුරකින් නෑ. මට වෙන අය අදාළ නෑ. මට අභියෝගයක් වෙන්නේ මමම තමයි. මගේ මිතුරා
වගේම මගේ හතුරාත් මම. කරන දේ හරියට කරනවා. එ් වගේම මම ඉදිරියට කරන දේවල් මම කරපු
දේවල්වලට වඩා හොඳට කරන්න තමයි මම උත්සහ දරන්නේ. කලාවට වැඩක් ඇති දෙයක් ඉතුරු කරල යන්න මම කැමැතියි. ඒ වෙනුවෙන් මම මහන්සි වෙනවා.
ඇත්කඳ ළිහිණියා වගේ නිර්මාණ යළිත් නදීෂා අතින් නිෂ්පාදනය වෙන එකක් නැද්ද?
හැමදාම වගේ මගේ අරමුණ වුනේ හරවත් දේවල් කරන්න. එ්ක මගේ පෞද්ගලික ජීවිතයට වගේම නිර්මාණ
වලටත් අදාළයි. සමාජයට වැඩක්වෙන දෙයක් පේ‍්‍රක්ෂකයාට යමක් ගැනීමට තියෙන නිර්මාණයක් තමයි
මම කරන්න උත්සහ දරන්නේ. හැබැයි ඉතිං එහෙමයි කියලා කිසිම කෙනකුට නොතේරෙන දේවල් නෙමෙයි
සරලව රස විඳින්න පුළුවන් දෙයක් තමයි මම දෙන්නේ.
”රීල් ඇන්ඞ් ට‍්‍රැක්” කියන මගේ නිෂ්පාදන ආයතනය හරහා තමයි මා නිර්මාණකරණයේ යෙදෙන්නේ. මීට
අමතරව මම සංරක්ෂණ කටයුතුද කරනවා. ”දුන්හිඳ අද්දර” කියන සුන්දර ටෙලි නාට්‍ය මම ඞීවීඞී පටයක්
විදිහට සංරක්ෂණය කළා. ඇත්කඳ ළිහිණියා වගේ නිර්මාණත් මම කළා. එ් වගේම මම මේ ක්‍ෂේත‍්‍රයට
ඇවිල්ලා අවුරුදු 7 කින් විතර ”රීල් ඇන්ඞ් ට‍්‍රැක්” නමින්ම කලා ක්ෂේත‍්‍රයේ අය සඳහා සඟරාවක්ද කළා.
මෙම කාර්යයේ නියැළිම පහසුද?
ඇත්තටම නෑ. මොකද අපි නිර්මාණයක් සඳහා වැය කරන්නේ දුක් මහන්සියෙන් උපයපු මුදල්. අපට නිර්මාණ
කරලා පාඩු විඳින්නත් බෑ. ඒත් සමහර වෙලාවට අපි මහන්සියෙන් කරන නිර්මාණයේ අයිතිය අපට
චැනල්වලට දෙන්න වෙනවා. තවත් සමහර වෙලාවට අපේ නිර්මාණවලට ඔවුන් බලපෑම් කරනවා. මේ
සේරම දෙවල් එක්ක නිර්මාණයක් කළත් අපට ලැබෙන ලාභය හරිම අඩුයි. සමහර වෙලාවට ලාභයක් නෑ වගේ.
දේශපාලනයට සදහටම සමුදීලද?
දේශපාලනයට සමුදීලා නම් නෑ. මම තවමත් එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සංවිධායකවරියක්.
කොහොම වුණත් දේශපාලනය කියන දේ අපේ ජීවිතවලට සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධයි. ඒක මට විතරක්
නෙමෙයි. හැමෝටම එහෙමයි. ඉතින් මටත් මැරෙනකල් දේශපාලනය කියන මාතෘකාවෙන් ගැලවිල්ලක් නැහැ.
ඉදිරියේදි මොන වගේ දේවල්වලින්ද නදීශාව අපට දකින්න ලැබෙන්නේ?
ඉදිරියෙදී වැඩ කිහිපයක්ම කරන්න හිතාගෙන ඉන්නවා. මට සුන්දර සිහිනයක් තියෙනවා. එය ඉදිරියේදී ටෙලි
සිතුවමක් ලෙසට හෝ චිත‍්‍රපටයක් ලෙසට පේ‍්‍රක්ෂකයා හමුවට එ්වී. එ් වගේම මට චිත‍්‍රපට සහ
ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. එ් සඳහාද ඉදිරියේදී දායකවෙන්න බලාපොරොත්තු
වෙනවා. මගේ සැමියාගේ ව්‍යාපාරික කටයුතුවලටත් දායකවෙනවා.
අපේ රටේ ආන්දෝලනයට ලක් වෙන දේවල් වලට ඔබ පැකිළීමක් නැතිව ඉදිරිපත් වෙනවා.ඇත්තටම එහෙම
වැඩ කරන්න නදීෂාට බය නැද්ද?
මම වැරැුද්දක් කරන්නේ නැත්නම් ඇයි මම බය වෙන්නේ. වැරදි දේවල් කරන්න තමයි අපි බය වෙන්න ඕන.
මම පොළොවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්. මම අදහන්නේ බෞද්ධ දර්ශනය. එ් අනුව තමයි මම ජීවත්
වෙන්නේ. ඉතිං මම කරන දේවල් හරියට කරලා යහපත් විදියට ජීවත්වෙන්න තමයි මම උත්සාහ දරන්නේ.
මිනිස්සු එක එක කතා කියාවි. ඒකට මට කමක් නෑ. ඉතිහාසේ හැමදාම වුණේ එහෙමයි. වෙනස් දෙයක්
කරපු හැමෝටමත් මිනිස්සු මුලින් ගැරහුවා. මට විතරක් වෙනසක් වෙන්න බෑ. මම මට ඕන ගමන යනව.
මොකද මම වැරදි නෑ කියල මම දන්නවා.
ඉදිරියෙදි පෞද්ගලික ජීවිතේ තියෙන අරමුණූ මොනවද?දැනට මම සතුටින් ජීවත්වෙනවා මගේ සැමියා සමග
අම්මා කෙනෙක් වීම හැම විවාහක ගැහැනියකගේම බලාපොරොත්තුවක්. නදීශා ඒ ගැන හිතන්නෙ නැද්ද?
බලාපොරොත්තු තමයි ජීවිතය ජීවත් කරවන්නේ. මටත් බලාපොරොත්තු නැතුවා නෙමෙයි. ජීවිතේ සිදුවිය යුතු
දෙවල් නියම වෙලාවට සිද්ධ වෙයි.
නයනකේශී විජේකෝන් (රිවිර)
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය හැමෝගේම අවධානයට ලක් වුණා. සමහරු හිතුවේ මේ දෙන්නා ඇත්තටම විවාහ වුණා කියලයි.
කොහොම හරි මේ පින්තූරය කොයිතරම් දුරදිග ගියාද